ජොන්ස්ටන් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණු අතර ඊට කණ්ඩායම් 05ක් යොදවා තිබුණු නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

කෙසේවෙතත් අද ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණු අතර ඒ අනුව අද ඔහු එහි පැමිණියේය.

මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල ද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...