*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

එළවළු මිළ අහස උසට ගියේ ඇයි?

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව මෙන්ම මේ වනවිට මෙරට එළවළු වගාවන් සම්බන්ධව පවතින තත්ත්වය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කළ ඇති අතර එයට හේතුව ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ,එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගාවන් විනාශ වීම බවයි.

තව දුරටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පෙන්වා දී ඇත්තේ, මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවයි.

විශේෂයෙන් මහ කන්නයේ පුළුල් ලෙස එළවළු වගා කිරීමට ගොවී ජනතාව සුදානම්ව සිටි අතර, ඇතැම් ගොවීන් කිහිප වතාවක්ම එළවළු බීජ රෝපණය කළත් ඒ සියල්ලම වැස්සට හසු වී කුණු වී ගිය බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

වෙළෙඳපොළට දැනට ලැබෙන එළවළුවලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ගෘහ තුළ වගා කරන ලද එළවළු වන අතර, එම ප්‍රමාණය රටේ සමස්ත එළවළු අවශ්‍යතාවයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, එළවළු මිල ඉහළ යාමට අතරමැදියන් විසින් සිදු කරන බලපෑම් ද හේතු වී තිබෙන අතර, ඉදිරි සති හයක කාලයක් තුළ මෙම තත්ත්වය වෙනස් විය හැකි බවත්, එවිට අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan