Sunday, December 3, 2023
spot_img

Latest Posts

මේ පුටුවත් එපා වෙන පුටුවකුත් එපා – රූපවාහිනියේ සභාපති ගෙදර යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු අද දහවල් සිය රාජකාරි වාහනයද භාර දී රූපවාහිනී සේවකයන් සමගද කතාබහ කර පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපති තනතුරු වෙනස් කිරීමට තීරණය කර තිබූ අතර ඒ අනුව පසුගියදා ස්වාධීන රූපවාහිනී ආයතනයේ සහ සැලසිනේ ආයතනයේද සභාපති තනතුරු වෙනස් විය.

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වී තිබිණි. ඔහු මේ වනවිට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. රූපවාහිනියෙන් ඉවත් කරන රෙජිනෝල්ඩ් කුරේ මහතා පුස්කාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමටද තීරණය කර තිබිණි.

කෙසේ නමුත් රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා තිබෙන්නේ එවැනි පුටු මාරුවකට තමා කිසිසේත් එකඟ නොමැති බවයි. ඒ අනුව නැවත කිසිදු තනතුරක් බාර නොගන්නා බව පවසමින් ඔහු සභාපති තනතුරින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර අද පෙරවරුවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ කුරේ මහතා ආණ්ඩුවේ ප්‍රධානීන් හමු වී සිය සභාපති තනතුර ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි. රූපවාහිනී සංස්ථාවට වඩා වැදගත් රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් ඔහුට ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් එකඟ වී ඇති බවද වාර්තා විය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.