*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අද රටේ ඇත්තේ සුපිරි පොහොසතා රකින රජයක් මිස දුප්පතා සුරකින රජයක් නොවේ – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ බදු බර නිසා වැඩිපුර පීඩාවට පත්ව ඇත්තේ දරු පරපුර බවත් ඔවුන්ට පෝෂණය, රැකවරණය සහ ආරක්ෂාව ලබා දීමට නොහැකි වී ඇති මොහොතක අයි. එම්. එෆ්. එකට අනුව සිදු කළ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී වැඩි බරක් පැටවූයේ සාමාන්‍ය ජනතාවගේ අර්ථසාධක සහ ඉතිරිකිරීම්වලට බවත් එහි දී සුපිරි ධනවතුන්ට කිසිදු හානියක් සිදු නොවූ බවත් අද රටේ ඇත්තේ සුපිරි පොහොසතා රකින් රජයක් මිස සාමාන්‍ය ජනතාව සුරකින රජයක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෘහයන් 60%ක ආදායම අඩුවී 91%ක වියදම් වැඩිව ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ අමානුෂිය ලෙස වැට් බදු වැඩි කිරීම තුළ මේ රජය ජනතාවගේ ජන ජීවිත තලා පෙලා පොඩි කර විනාශ කර අවසන් බවත් දරුවන්ට හා ගැබිනි මව්වරුවන්ට ලබා දෙන පෝෂ්‍යදායී ආහාරවලට පවා බදු ගසා ඇති බවත් එය නිර්ලජ්ජිත අමානුෂීය ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ලබා දෙන සුහුරු පන්ති කාමර වැඩසටහනේ 61 වැනි අදියර යටතේ ගම්පහ, දිවුලපිටිය, වේරගොඩමුල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලක්ෂ 8කගේ විදුලිය කැපෙද්දි ලංවිම මිලියන 52000ක් ලාභ ලබලා

මේ වන විට රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය විසන්ධි කර ඇති නමුත් ප්‍රධාන කරුණු 2ක් නිසා විදුලි බල මණ්ඩලය මිලියන 52000ක ලාභයක් උපයා ඇති බවත් එයට හේතුව ජල විදුලිය තුළින් අපේක්ෂිත ඉලක්කයට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකිවීම සහ විදුලි ඉල්ලුම අඩුවීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඇස්තමේන්තු කළ ආකාරයට ගිගාවොට් පැය 3750ක ජල විදුලි නිෂ්පාදනයක් වුවත් ගිගාවොට් පැය 4510ක් නිපදවා ඇති බවත් එවැනි තත්ත්වයක් තිබුණත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩුවීම නිසා මිලියන 26000ක ලාභයක් ලබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සියයට 18කින් විදුලි බිල වැඩි කිරිම නිසා තවත් මිලියන 26000ක ලාභයක් ලබා ඇති බවත් මෙසේ මිලියන 52000ක් ලාභ ලැබුවත් විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුවට හැගීමක් නැති බවත් කරුණාකර මනුෂ්‍යත්වයේ නාමයෙන් විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කුමන්ත්‍රණවලට හසු නොවී රට සුබ කිරීමට නව ගමනක් යමු

විදුලි බිල වැඩි කිරීම නිසා කර්මාන්ත කඩා වැටී සේවක රැකියා අහිමි වී ආර්ථිකය කුඩා වී ඇති බවත් මේ වසර සුබ කිරීමේ වගකීම ඇත්තේ ජනතාව අතේ බවත් ඒ සඳහා නව ගමනක් යා යුතු බවත් මේ වන විට රටේ තිබෙන ලොකුම දේශපාලන කුමන්ත්‍රණය වන්නේ ලක්ෂ 220 ඇන්දවීම බවත් තවදුරටත් ඇන්දවීමට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ හොඳ වැඩක් වෙන විට සමාජ ජාල මාධ්‍ය හරහා මඩ ප්‍රචාර දියත් කරන බවත් ඇගලුම් කම්හල් 200 වැඩසටහනේදී මෙන්ම කාන්තා සනීපාරක්ෂාව ගැන කතා කරපු අවස්ථාවේදී පවා සිදුවූයේ එවැනි මඩ ප්‍රචාර දියත් කර එම හොඳ වැඩ යටපත් කිරීම බවත් එබැවින් මේ මඩ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

ෆයිල් මිටි පෙන්නුවට වැඩක් නැහැ සජබෙ අපි විපක්ෂයේ සිට හොරු අල්ලලා පෙන්නුවා

විවිධ කණ්ඩායම් ෆයිල් මිටි පෙන්ව පෙන්වා රට වටේ බස්වලින් මිනිසුන් ගෙන්වා රැස්වීම් තිය තිය බලය දෙන්න හොරු අල්ලනම් කියා පුරසාරම් දොඩන අවස්ථාවේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ගරු අධිකරණය හමුවේ රට බංකොලොත් කිරිමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කළ බවත් ඒ තීන්දුව තුළින් රටේ ඕනෑම පුරවැසියකුට රට බංකොලොත් වීම නිසා සිදුවූ පාඩුවට නඩු පවරා වන්දි ලබා ගැනීමේ හැකියාවක් ලැබුණු බවත් ඒ සඳහා සමගි ජන බලවේගයේ නීති කණ්ඩායම සූදානම් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාට රට බංකොලොත් කළ පුද්ගලයන්ට එරෙහිව විශේෂ කොමිසමක් ඇති කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ හැකියාව තිබුණත් ඔහු එය නොකරන්නේ ඔහු රැකී ඇත්තේ එම පුද්ගලයන් නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරු අල්ලන්න නම් දේශපාලන බලය අවශ්‍ය නොවන බව යි.

එමෙන්ම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ විපක්ෂයේ පක්ෂවල සමහරු මන්ත්‍රීවරු එයට අත්සන් කිරීම පවා ප්‍රතික්ෂේප කළ බවත් මේ වන විට එම වංචා ගැන පරීක්ෂණ පැවැත්වුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අනාවරණය කලේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. තවද මෙම ඖෂධ වංචාවට සෞඛ්‍ය ඇමතිවරයා සහ ලේකම්වරයා පමණක් නොව ඔහුට සහාය දැක්වීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය ලබා දුන් 113 දෙනා ද වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 61ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 582ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan