එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් ලක්ෂ 05 ක්!

Date:

කොවිඩ් ප්‍රතිශක්තීකරණ මාත්‍රා එකක්වත් නොගත් ලක්ෂ 05 – 06 අතර ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ මෙම පිරිස අතරින් බහුතරයක් තරුණ තරුණියන් බවයි.

කොවිඩ් එන්නත් ප්‍රතික්ෂේප කරන මෙම වගකීම් විරහිත පිරිස හේතුවෙන් සමස්ත සමාජයම අවදානමට ලක්වන බවත්, එන්නත් ලබා නොගත් පිරිසට කොවිඩ් වෛරසය පැතිරවීමේ ප්‍රබල හැකියාවක් තිබෙන බවත් හම්දානි මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එන්නත් මාත්‍රා එකක්වත් ලබා නොගත් 20,000 කට වැඩි ප්‍රමාණයක් කොළඹ නාගරික සීමාව තුළ සිටින බව කොළඹ නගර සභා සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙරට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 5000 ඉක්මවා ගිය අතර මරණ ප්‍රමාණය 228 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත් මේ වනවිට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 600 ක් දක්වාත් දෛනික මරණ 20 ට අඩු ප්‍රමාණයක් දක්වාත් අවම වී තිබෙනවා. රටතුළ සාර්ථකව ක්‍රියාත්මක වූ එන්නත්කරණය ඊට ප්‍රබල හේතුවක් වූ බවයි හම්දානි මහතා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් එන්නත් නොගත් සුළු පිරිසක් හේතුවෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ ජනතාවගේ ජීවිතද අවදානමට ලක්වන බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමුවන ලෙස අන්වර් හම්දානි මහතා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...