පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි මෛත්‍රී සිදුකළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
471

පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මෙනවිය අද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන අතර හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ එක් වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබේ.

පසුගිය නොවැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ තමා එම නඩුවේ චෝදනාවලින් මුදා හරින ලෙසයි. චෝදනා විභාගයකින් තොරව පළමු අවස්ථාවේදීම අදාල චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here