එන්නත් අනිවාර්ය කරන්න අපිට බලයක් නෑ හැබැයි එන්නත් කාඩ්පත අනිවාර්යයි – කෙහෙළිය

Date:

මෙරට ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බවත්, පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව එන්නත් කාඩ්පත් මගින් තහවුරු නොකරන පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම අවහිර කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන බවත් ඔහු පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාවද ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ අය ලෙස සළකන බවයි.

අවුරුදු 12-15 වයස් කාණ්ඩය සඳහා එන්නත්කරණය අද (07) ආරම්භ වූ අතර එම එන්නත්කරණ මධ්‍යස්ථානවලින් පාසල් ගුරුවරුන්ට, අනධ්‍යයන සේවකයන්ට පමණක් නොව පාසල් සිසුන්ගේ දෙමව්පියන්ටද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...