*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කටමැත දොඩවන හිස්ටරිකයන්ගේ යූටියුබ් භාවිතාව …

ඉතාම ටික දෙනෙක් ඇරුනහම ලංකාවේ ඉන්න ගොඩක් යූ ටියුබ් දේශපාලන විචාරකයන්ට පැහැදිලි දේශපාලන දර්ශනයක් නෑ. පැහැදිලි හැදෑරීමකුත් නෑ.

ඔවුන් කරන්නේ මොකක් හරි ඒ ඒ වෙලාවට එන රැළ්ලක එල්ලෙන එක. සිංහල බෞද්ධ ජාතිකවාදය එනකොට ඒකේ එල්ලෙනව. ඊළඟට ඒකට ප්‍රතිවිරුද්ධ මතය නැගලා යනකොට ඒකේත් එල්ලෙනව. “අරගලය” එනකොට ඔක්කොම අත ඇරලා ඒකේත් එල්ලෙනවා.

මෙතනදී බාල ජනප්‍රිය වාදයකට හේත්තුවෙලා කෙසේ හෝ විවුස් වැඩිකර ගැනීම සඳහා මොනවාහරි කරනවා මිස ඉන් එහා වූ ප්‍රතිපත්තියක් හෝ කියවීමක් හෝ මොවුන්ට නැත.

සේපාලගේ කටමැත දොඩවා කෙළවා ගැනීම ද අපට කියවා ගැනීමට සිදුවන්නේ මේ සන්දර්බය ඇතුලේ තබාය. මෙතනදී සේපාලගේ නොදන්නාකම නිසාම සේපාල අතින් උනේ විශාල අවැඩක්. මොකද යම් ප්‍රමාණයකට යට ගිහින් තිබුන සිංහල බෞද්ධ ජාතිකවාදී ගිනිපුපුරුවලට සේපාල පිදුරු මිටියක් විසිකරා. තවත් විදියකට කියනවා නම් ආහාර නැතිව නිරාහාරව සිටිය වර්ගවාදයට සේපාල මස් කට්ටක් විසිකරා කියන්නත් පුළුවන්.

පෙරේදා අපි දැක්කා විජෙදාසලා වීරවංශලා ඒ මස් කට්ට ගොරව ගොරව තළු මරමර හපනවා. විශේෂයෙන් රාජපක්ෂලා අනාතවෙලා ඉන්න මේ වෙලාවේ සේපාල වැන්නවුන්ගේ කටමැත දෙඩවීම් හරහා වෙන්නේ රාජපක්ෂලාට අළුත් වටයකින් ජීවවායුව සපයන එක.

අප මෙතනදි සේපාලගේ මැටි මෝල් නන්දෙඩවිලි වෙනුවෙන් පෙනී නොසිටියද සේපාලගේ නොදන්නාකම නිසාම දෙපයේ පටලවාගත් මරුවැල ගැන යමක් සඳහන් කල යුතුය. අපි ආගම්වලට අවිචාරවත් ලෙස දෑත බදා කුළු ගෙඩි පහරවල් දෙනවිට ඒ කුළු ගෙඩි පහරවල් වදින්නේ එකී ආගමේ ඇදහිල්ල තුල ජීවත්වෙන මිනිසුන්ගේ හදවත් වලටය. එහිදී අප ආගම්වලට මරිමෝල් ලෙස ගල් ගැසීමෙන් වැලකී සිටින්නේ ආගම්වලට කරන ගෞරවයක් ලෙස නොව එකී ආගම අදහන මිනිසුන්ට කරන ගෞරවයක් ලෙසය.

මේ ආගම් හා ඇදහිලි වලට එරෙහිව කරන අපහාසයන්ට එරෙහි නීති රීතිද පවතී. නමුත් ලංකාව තුල මේ නීති රීති ක්‍රියාත්මකවන්නේ පක්ෂග්‍රාහීවය. බුද්ධාගමට එරෙහි කටයුතුවලදී ඒවා ක්‍රියාත්මක වන නමුත් පීඩිත සංකෘතීන්වලට එරෙහි කටයුතු වලදී ඒවා නිශ්ක්‍රීය මට්ටමක පවතී.

විශේෂයෙන්ම දැනට පවතින I.C.C.P.R. පනත පවතින්නේ සුළු සංස්කෘතීන්ට අයත් වැසියන්ට යුක්තිය ලබාගැනීම සඳහාය. නමුත් ලංකාව තුල එය ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ අධිපති ජාතිකවාදය ශක්තිමත් කරන පනතක් ලෙසය. ඇත්තෙන්ම මෙහිදී පනතෙන් අපේක්ෂිත කර්‍ය්බාරය ඉෂ්ඨ නොවේ.

විශේෂයෙන්ම මෙහිදී සේපාලගේ ප්‍රශ්ණය සම්බන්දයෙන් ගත් කල ඔහුට වසර දහයක සිරදඬුවමකවත් ලබාදිය හැකි යැයි අධිකරණ ඇමතිවරයා ප්‍රකාශකර සිටියේය. මෙහිදී ගරු අධිකරණයට අයත් කටයුත්තක් ගැන ඇමතිවරයා මෙසේ පූර්වයෙන් පවසන්නේ කෙසේද..? ඔහු මෙහිදී නියැලෙන්නේ පක්ෂග්‍රාහී බාල දේශපාලනයක නොවේද..? මෙහිදී මෝඩ සේපාල විසිකල මස් කට්ටට පොරකන වීරවංශට ගම්මන්පිලට වඩා නීතිය බාර ඇමතිවරයා වෙනස්වන්නේ කෙසේද..?

අනික් පැත්තෙන් සේපාලට එරෙහිව අධිකරණය විසින් යම් සිරදඬුවමක් පැනවුවහොත් එය රටට මොන ආකාරයේ පූර්වාදර්ශයක් වෙයිද..? මන්ද ලංකාව තුල උසාවියක් විසින් ලබා දුන් නඩු තීන්දුවක් ඉන් ඉදිරියට එය රටේ නීතියක් බවට පත්වේ. ඒ අනුව එකී තීන්දුව මෝඩ සේපාලට පමණක් අදාල තීන්දුවක් පමණක් නොවේ. එය රටේ නිරාගමික අදහස් දරණ සියල්ලටම බලපාන තීන්දුවක් වනු ඇත. එහිදී එකී ටොපිය නිරාගමිකයන්ට අරන් දෙන්නේ මැටි මෝල් සේපාල විසිනි.

තවත් පැත්තකින් ගත්කල මේ මොහොත ලාංකීය පීඩිත සමාජ ස්තරය අර්බූදයට අතලඟ විසඳුම වූ වස කෝප්පය වෙනුවට සාමූහික විනාශකාරී විකල්පයක් සොයමින් පසුවන බයානක මොහොතකි. බොහෝවිට එවන් සාමූහික ප්‍රචන්ඩත්වයක් ඇතිවීමේ වැඩි ඉඩ කඩක් ඇත්තේ වාර්ගික ප්‍රතිවිරෝධතා මුල් කරගෙනය.

තවත් පැත්තකින් ගත් කල මෙවන් වාර්ගික ප්‍රතිවිරෝධතා සහ ජාත්‍යාල බලවේග පාලක දේශපාලන ඇජෙන්ඩාවන් ලෙස නැවත නැවතත් එකම චක්‍රයක ගමන්කල නරක ඉතිහාසයක්ද අපට ඇත.

මෙහිදී සේපාල පසුපස අන් ජනවාර්ග සිටිනවායැයි කියමින් නැති බිල්ලෙක් මවන ඇජෙන්ඩාවක් පාලකයන් විසින් නිර්මාණය නොකරනු ඇතැයි අපට කිව නොහැකිය. මන්ද ජනතා ආතතිය වෙනතකට හරවා යැවීමටත් සහ යලි වටයකින් බලය තහවුරු කරගැනීමටත් වර්ගවාදය හරහා රාජපක්ෂ වරුන්ට මාවතක් මේ හරහා පෑදෙන බැවින්.

ඒ කෙසේ නමුත් සේපාලගේ මෑත කාලීන ඕඩියන්ස් එක වී තිබුනේ ජ.වි.පෙ. ගැලරියයි. මෙහිදී ඔහු රැඩිකල් වී තිබුනේ ජ.වි.පෙ. සාමාජිකයන්ගේ විවුස් වෙනුවෙනි. ඔහුගේ මෑත කාලීන සම්මුඛ සාකච්චා බොහෝමයක් වූයේ ජ.වි.පෙ. නායකයන් ප්‍රමෝට් කිරීම සඳහාය.

මෙවර ඔහු අලි සයිස් ගොං වාචාල ටෝක් පාරක් අත ඇරියේද ජ.වි.පෙ. ගැලරියේ විවුස් ගොන්නක් වෙනුවෙනි. නමුත් ලඟ ලඟ එන මැතිවරණයේදී සිංහල බෞද්ධ බහුතරය අමනාප කරගැනීමට අකැමැති ජ.වි.පෙ.ය සේපාල වෙනුවෙන් වචනයක්වත් කතා නොකලා පමණක් නොව දැන් දැන් ඔහුව විවේචනය කරනුද පෙනෙන්නට තිබේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan