*
Friday, April 26, 2024
spot_img

Latest Posts

DP Coding School – ප්‍රශ්න සහ පිළිතුරු

රටේ සුවහසක් දුවා දරුවන්ට පරිගණක භාෂා දැනුම ලබාදෙමින් ඔවුන්ට අනාගතයේ කෝඩින් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවීමේ මඟ විවර කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වන ඩීපී කෝඩින් පාසල ගැන දැනුවත් කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩසටහන් පවත්වද්දී දෙමව්පියන් අපෙන් නිතරම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා.

මේ ඩීපී කෝඩින් පාසල කියන්නේ අලුත්ම වැඩක්, අලුත්ම අත්දැකීමක් නිසාම ඔවුන්ට එවැනි ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍යයයි. ඉතින් අපි මෙවර ලිපියෙන් එවැනි නිතරම නැඟෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙන්න කල්පනා කළා.

ඉහළම වැටුප් ලබන රැකියාවකට යන්න, විදේශ විනිමය උපයන්න, අනාගතයේ විදේශගත වෙන්න ඔබේ දරුවාට මාර්ගය හෙළිකරන DP Coding School ගැන මේ විස්තර දැනගැනීම ඔබටත් වැදගත් වේවි …

  1. මේ පාඨමාලාව හැදෑරීමට ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍යද ?

ඩීපී කෝඩින් පාසලේ සියලුම පාඩම් උගන්වන්නේ සිංහල සහ දෙමළ භාෂාවලින්. ඒ නිසා ඉංග්‍රීසී භාෂා දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. මීට අමතරව මේ සෑම පාඩමකම කොම්පියුටර් ප්‍රෝග්‍රෑමින් විෂයයට අදාළ ඉංග්‍රීසි වචන 1ක් හෝ 2ක් උගන්වනවා. ඒ නිසා මේ සම්පූර්ණ පාඩම් මාලාව කොටස් 324 සම්පූර්ණ කරන අයට මේ විෂයයට අදාළ පාරිභාෂික ඉංග්‍රීසි වචන 400ක් පමණ ඉගෙන ගන්න පුළුවන්.

  1. ඩීපී කෝඩින් පාසලේ සම්පූ‍ර්ණ පාඩම් මාලාව කොටස් කීයක්ද ? (ව්‍යාපෘති)

මෙය අංශ 12ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 324ක් ලබාදීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ සෑම ව්‍යාපෘති 8කටම වරක් ඩිජිටල් සහතික පතක් නොමිලේ පිරිනමනවා.

  1. මේ පාඨමාලාවේ මූල්‍යමය වටිනාකම කීයද ?

මේ ව්‍යාපෘති 324 ම සම්පූර්ණ කෙරෙන පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 24ක් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නේ.

  1. මෙම පාඨමාලාවට සිසුන් සම්බන්ධ කිරීම ගැන

පළමු ශ්‍රේණියේ ඉඳන් ඕනෑම වසරක් දක්වා සිසුන් මීට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක භාෂා ඉගෙන ගැනීමට උනන්දු ඕනෑම වයස් සීමාවක කෙනෙකුටත් මීට සම්බන්ධ වෙ න්න පුළුවන්. ප්‍රාථමික පාසල් ළමයින් වගේම අවුරුදු 60 ඉක්මවූ අයත් දැනට මේක හදාරනවා. ඒ වගේම ඕනෑම සිසුන් ගණනක් මීට සම්බන්ධ කරවන්න පුළුවන්, ඊටත් සීමාවක් නැහැ.

  1. මෙම පාඨමාලාවට ගතවන කාලය

මෙහි පළමු කොටස් 100 පැය 100ක් තුළ අවසන් කිරීමට පුළුවන්. ඒ අනුව ව්‍යාපෘතියකට පැයක වගේ කාලයක් ගතවෙන්නේ. මේ සෑම ව්‍යාපෘතියකම වීඩියෝ උපදෙස් ඉතාම රසවත් ආකාරයෙන් ලබාදෙන නිසා ළමුන්ට ඉතාම උනන්දුවෙන් සහ විනෝදයෙන් මීට එකතු වෙන්න පුළුවන්.

  1. මේ පාඨමාලාවෙන් විවෘත වෙන රැකියා අවස්ථා

මේ පාඨමාලාවෙන් කෝඩින් ඉගෙනගෙන ඉදිරියට යන අයට අනාගතයේදී Web Developer, Full stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වැනි රැකියා සඳහා යොමුවෙන්න පුළුවන්.

  1. මේ පාඨමාලාව හැදෑරීමෙන් පාසල් සිසුන්ට ලැබෙන අමතර වාසි

1.පරිගණක වැඩසටහන්කරණය සිසුන්ගේ තාර්කික චින්තනය දියුණු කරයි.
2.කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු වේ.
3.සිසුන් කෝඩින් ඉගෙන ගන්නා විට ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය වැඩි දියුණු වේ.
4.සිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වේ.
5.සිසුන්ගේ සන්නිවේදන හැකියාව වැඩි දියුණු වේ.
6.කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ ව්‍යුහාත්මක චින්තනය වැඩි දියුණු වේ.
7.කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ ගැටලු විසඳීමේ හැකියාව වැඩි දියුණු වේ.
8.සිසුන්ගේ ගණිතමය හැකියාව වර්ධනය වීමට කෝඩින් උපකාරී වේ.
9.සිසුන් තෘප්තිමත් වේ.
10.කෝඩින් ඉගෙනීම මගින් සිසුන්ගේ ස්වයං අධ්‍යන හැකියාව වර්ධනය වේ.
11.කෝඩින් ඉගෙනීමෙන් ඔබේ දරුවා අවසානයේ 21 වැනි සියවසට ඔබින, 4 වැනි කාර්මික විප්ලවයේ අභියෝග ජයගත හැකි පුද්ගලයෙකු මෙන්ම රටේ සංවර්ධනයට උපරිම ලෙස දායක වන පුද්ගලයෙකු ද වනු ඇත.

  1. පාඨමාලාවට ලියාපදිංචි වීමේදී මතුවන ගැටලු ගැන

code.org වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න gmail ගිණුමක් හෝ facebook ගිණුමක් අවශ්‍ය වෙනවා. දැනට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි අයට සාමාන්‍ය පරිදි ගිණුමක් හදාගෙන ලියාපදිංචි වෙන්න පුළුවන්. අවුරුදු 13ට අඩු ළමයින්ට gmail ගිණුමක් හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපදෙස් එහි ලබාදීලා තියෙනවා. එහෙම නැතිනම් දෙමව්පියන්ට තමන්ගේ ඊමේල් ගිණුම භාවිතා කරලා දරුවන්ට code.org වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න අවස්ථාව සලසා දෙන්නත් පුළුවන්.

අලුත් අවුරුද්දේ අලුත් දැනුමත් සමග අලුත් ලෝකයට ඔබේ දරුවාට මඟ පෙන්වන්න, සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 24ක් වටිනා මේ පරිගණක භාෂා (කෝඩින්) පාඨමාලාවට ඔබේ දරුවාත් සම්බන්ධ කරවන්න. අදම dpcode.lk වෙබ් අඩවියට යොමුවන්න.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan