*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ගුවන්තොටුපොළට මුහුණු හඳුනගන්න ස්වයංක්‍රීය යන්ත්‍රයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ඊයේ (06) ස්ථාපනය කෙරුණි.

මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර, එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැගවීමේ සංඥා හඩක් නිකුත් කරනු ලබයි .

එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හදුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරන අතර, මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08 ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08 ක් වශයෙන් කැමරා 16 ක සේවා ලබා ගනිමින් සිටින බවත්, ඉදිරි කාළයේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතය.

මෙම පද්ධතිය මගින් අවුරුදු 15 ක් 20 ක් පැරණි ජායාරූප දත්ත වුවත් උපයෝගී කර ගනිමින් , වර්තමානයේ ඔහු කෙතරම් වෙනස් වීම් වලට භාජනය වී සිටියත් , ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම් වලට භාජනය වී සිටියත් , ඉතා පහසුවෙන් එම පුද්ගලයා හදුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතියට හිමි වී තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan