එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසී තිබේ.

පැවති ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමගින් වෙළෙඳාම පහසුකරවන අතර, ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමග හිමිවනු ඇති අතර මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වෙයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ වැඩසටහන (DCTS) මගින් රටවල් 65ක් සඳහා මෙම වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...