වසීම් එකට

Date:

ගෙවුණු 2021 වසරේ දකුණු ආසියාතික කළාපයේ පාපන්දු ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර පාපන්දු තරගවලදී වැඩිම ගෝල් ගණනක් ලබා ගත් පාපන්දු ක්‍රීඩකයා බවට වසීම් රසීක් පත් වී ඇත.ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉකුත් වස​රේ අන්තර්ජාතික තරග පිටියේ ලබා ගෙන ඇති ගෝල ප්‍රමානය නවයකි.

එම ලේඛණයේ දෙවන තැන ඉන්දියාවේ සුනිල් චෙට්රි ට හිමි වී ඇත.ඔහු රැස් කරගෙන ඇති ගෝල් ප්‍රමානය අටකි.ගෝල් පහක් ලබා ගෙන ඇති නේපාලයේ අන්ජාන් බිස්ටා එම ලේඛණයේ තෙවැන්නාව සිටින්නේය.
ශ්‍රී ලංකාව ඉකුත් වසරේ මැද භාගය වන විට ද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයේ රැඳෙමින් 206 වන ස්ථානයේ රැදී සිටිය අතර නමුත් මේ වසර නිම වන විට යම් සුළු ප්‍රගතියක් පෙන්නුම් කරමින් 204 වන ස්ථානයට පත්ව සිටියි.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සාමාන්‍යයෙන් ලබා ඇති ස්ථාන සළකද්දී 166 වන ස්ථානය සාමාන්‍ය තත්ත්වය වන අතර 1998 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ප්‍රගතිය පෙන්වමින් 122 වන ස්ථානයට පිවිස තිබෙනු දැකිය හැකිය.


වසීම්ගේ දක්ෂතා මෙන්ම අනෙකුත් ක්‍රීඩකයන් පෙන් වූ දක්ෂතා ද මේ වසරේත් සුරක්ෂිතව ඉදිරියට රැඟෙන යන්නට අවස්ථාව ශ්‍රී ලංකාවට හැකි වන්නේනම් මේ වසරේ ශ්‍රී ලාංකේය පාපන්දුවට තව දුරටත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට අවස්ථාව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...