ටිකිරා පදනමෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

0
471

ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ මුණුපුරෙක් වන හිටපු මලල ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ද වන රවීන් ප්‍රනාන්දු මහතා මූලිකත්වය දරණ “ටිකිරා පදනම” කොළඹ ප්‍රදේශයේ දරුවන් 200 ට පමණ පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබිණි.

පාසල් පොත් සහ උපකරණ බෙදා දුන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මහතා සහ බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගෙ පුත් ශම්මි ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

එහිදී අදහස් දැක් වූ රවීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි සමාජ සත්කාර රැසක් ඉදිරියේදී ටිකිරා පදනම හරහා ක්‍රියා කිරීමට නියමිත බවය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here