ජනපති රනිල් ලබන සතියේ ඉන්දියාවේ සමුළුවකට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව සඳහා මෙසේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගී වනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ සමුළුව සඳහා අසල්වැසි රටවල් හැරුණු විට ඇන්ගෝලාව, ඝානාව, නයිජීරියාව, මොසැම්බික්, සෙනගාල් යන අප්‍රිකානු රටවල නායකයිනුත් තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, උස්බෙකින්ස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පැපුවා නිව්ගිනියා යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත බවත් එම වාර්තාවෙහි දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...