ජනපති රනිල් ලබන සතියේ ඉන්දියාවේ සමුළුවකට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව සඳහා මෙසේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගී වනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ සමුළුව සඳහා අසල්වැසි රටවල් හැරුණු විට ඇන්ගෝලාව, ඝානාව, නයිජීරියාව, මොසැම්බික්, සෙනගාල් යන අප්‍රිකානු රටවල නායකයිනුත් තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, උස්බෙකින්ස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පැපුවා නිව්ගිනියා යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත බවත් එම වාර්තාවෙහි දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...