*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව මැතිවරණයකට බයයි – රංජිත් මද්දුම බණ්ඩාර

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙක් ඊයේ (07) අදහස් පළ කළහ.

ඒ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, ආණ්ඩුව ඡන්දයකට බිය වී ඡන්දය කල් දැමීමට නොයෙක් උපක්‍රම යොදවමින් සිටින බව ය.

කෙසේ වෙතත් අධිකරණය මෙම මැතිවරණය සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ලබාදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

තවද, ඉදිරියේ දී පැවැත් වීමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

රජය වෙත සැපයිම් හා ඉදිකිරිම් කළ කණ්ඩායම් වෙත ගෙවීමට නොපියවු බිල්පත් බිලියන ගණනක් පවතින නමුත්,අදාළ පියවීම් සියල්ල පසෙකලා අමාත්‍යාංශයක් ලෙස මැතිවරණයට අවතීර්ණ වීමට සිදුවන බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, රටේ ආර්ථිකය ක්‍රමවත්ව යථාවත් වීමට අවශ්‍ය පුර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවත් එතනින් බැහැර වුවහොත් මේ ඇතිවන ස්ථායීකරණයට හා ජනතා බලාපොරොත්තු වලට කිසියම් බාධාවක් ඇති විය හැකි බවද ඔහු පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan