සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිප්ලෝමාධාරී හෙද නිලධාරීන් 2,819 දෙනෙකුට නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී සිදු විය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදි, රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදෙමින් 2027 සිට 2029 දක්වා වන තෙවැනි වසරක කාලය තුළ හෙද නිලධාරීන් 13,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇත.

2017 වසරෙන් පසු මේ ආකාරයෙන් හෙද පුරප්පාඩු පිරවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, අලුතින් පත්වීම් ලැබූ පිරිස දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් වෙත අනුයුක්ත කිරීමට නියමිතය.

මීට අමතරව, මෙහි සමාරම්භක අවස්ථාවට සමගාමීව පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් 76 දෙනෙකු විශේෂ ශ්‍රේණිය දක්වා උසස් කිරීමට ද කටයුතු කර ඇත. මේ හරහා දිවයින පුරා ජනතාවට වඩාත් උසස් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...

Ciara Mageeanගේ හදිසි වියෝව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500...