පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.

ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කරන ලදී. ඒ අනුව එම රැස්වීම් වලදී විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම,ගල් අඟුරු වංචාව,මහ බැංකුවට හැකරුන් පැනීම,වැරදි ගිණුම් වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙස උපදෙස් දී තිබේ.

තවද මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්‍ය ,අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසැල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් බොරු පොරොන්දු රාශියක් දී ඇති බවත් මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...

Ciara Mageeanගේ හදිසි වියෝව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500...