රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:
හම්බන්තොට වරාය පරිශ්රයේ පිහිටි වාහන ගබඩා අංගනයකට අකුණු සැර වැදීම හේතුවෙන්, ආනයනය කරන ලද මෝටර් රථ 11කට වැඩි ප්රමාණයක් හානියට පත්ව තිබේ.
හම්බන්තොට ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව අතරතුර මෙම සිදුවීම වාර්තා වූ අතර, එමගින් ආනයනික වාහන නවතා තිබූ අංගනයේ ගින්නක් හටගෙන ඇත.
වරායේ ගිනි නිවන ඒකකය වහා ක්රියාත්මක වී එම ගින්න නිවා දැමීමට කටයුතු කළේය.
හම්බන්තොට වරාය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


