මර්වින්ගේ නියෝගය පරිදි පොතුහැර දළදා මාළිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

මහනුවර දළදා මාළිගාවේ අනුරුවක් ආකාරයෙන් කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර තිබුණු ගොඩනැගිල්ලේ පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම අද (08) උදෑසන ආරම්භ කර තිබේ.

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම පොලිසියට ද පැමිණිලි කර තිබුණු අතර පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ වී තිබිණි.

මේ අතර ඊයේ දිනයේදී සිය ආධාරකරුවන් පිරිසක් සමග එහි ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එම ගොඩනැගිල්ලේ හිමිකරුට නියෝග කර තිබුණේ එහි පත්තිරිප්පුව සති දෙකක් තුළ කඩා ඉවත් කරන ලෙසයි.

ඒ අනුව අද දිනයේ සිටම එහි පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම ආරම්භ කිරීමට එහි හිමිකරු කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...