*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ඉපදෙන හැම මිනිසෙක්ම මානසික විවේකයක් ගත කළ පුරවැසියන් ලෙස මිය යා යුතු‍යි – අනුර

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): මීට පෙර ජාතික ජන බලවේගයට කීවේ 3%යැයි කියා බවත්, කිසිදාක ආණ්ඩුවක් හදන්න නොහකි බවත් බොහෝ අය අවලාද නැගූ නමුත්, දැන් ඕනෑම වේදිකාවකින් ප්‍රහාර එල්ල කරන්නේ ජේ.වී.පී. සහ එන්.පී.පී. එකට බව ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය කාන්තා සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද සතුරාත් මාතෘකාව වෙනස් කරමින් පවන්නේ එන්.පී.පී. එකට ආණ්ඩුවක් ගත්තත් කරන්න බැහැ යනුවෙන් බවත්, ජනතාවට අසීමිතව පීඩාවට පත්කරන රනිල් වික්‍රමසිංහගේ සියලුම ක්‍රියාමාර්ගවලට එකඟ වන හර්ෂ ද සිල්වා මෙවැනි විවිධ අවලාද නඟන බවද ඔහු පවසයි.

පවුලේ සෑමදෙනාම එකට එකතු වී එක මේසයේ වාඩිවී කෑම වේලක් කන්න නැති මෙහෙම ජීවිතයක් අවශ්‍ය නති බවත්, මෙරට කාන්තාවන් විශාල ප්‍රමාණයක් ජීවිතය යන්න කුමක්දැයි නොදන්නා බවද ඔහු පවසයි.

ඉපදෙන හැම මිනිසෙක්ම මානසික විවේකයක් ගත කළ පුරවැසියන් හැටියට මිය යා යුතු බවත්, ඔවුන් ආරාධනා කරන්නේ එවැනි ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා තිබෙන එකම වේදිකාව වන ජාතික ජන බලවේගය වටා එක්වන ලෙසට බව ජාතික ජන බල නායක අනුර කුමාර කියා සිටී.

මේ අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස්,

” ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කරපු වසර බවට 2024 සහතික වශයෙන්ම පත්කර ගන්නවා. ගාල්ල නගරයට රැස්වී සිටින ඔබ සියලුදෙනා දෙස බැලුවාම මේ පරිවර්තනය ඉතාමත් ජයග්‍රාහී ලෙස නිම කළ හැකි බව ස්ථිරයි. විශේෂයෙන්ම ග්‍රාමීය ගැහැනුන් ආර්ථික පීඩනය හේතුකොට ගෙන බොරු පොරොන්දුවල සහ විවිධ භාණ්ඩ බෙදීම්වල ගොදුරු බවට පත්වී සිටියා. දරුවාට රස්සාවක් ගන්න දේශපාලකයන්ගේ කැන්වසින් යන්න බල කෙරුණා. මේ දක්වා ගැහැනුන් දේශපාලනයට කැඳවාගෙන ආවේ ඇයගේ අසරණකම, ඇයගේ දුප්පත්කම, ඇයගේ ප්‍රශ්න දඩමීමා කරගෙනයි. අද ගාල්ලට දහස් සංඛ්‍යාත ගැහැනුන් එක්වී පෙන්නුම් කරන්නේ වරදාන, වරප්‍රසාද, දීමනාවලට ගැහැනුන් රැවටූ යුගය අහවර බවයි. ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයකට අපේ රටත් ජනතාවත් මුහුණ දී සිටිනවා. ආර්ථික අර්බුදයකදී පොදුවේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වුවත් ගැහැනිය ඊටත් වඩා පීඩාවට පත්වෙනවා. සමාජයේ අපරාධ නිසා, දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්, සමාජයේ පීඩාවට පත්වෙනවාට වඩා අම්මලා පීඩාවට පත්වෙනවා. මේ නිසා අන්සෑමදෙනාටම වඩා වැඩියෙන් මැදිහත් වී වෙනස සිදුකරන්න කාලයයි මේ.

සංවර්ධනය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරමින් දීර්ඝ කාලයක් අපේ රට මේ දක්වා ගෙන ආවා. 1977දී වේදිකාවල විශාල වශයෙන් කෑමොර දුන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවටයි. අපේ රටේ පුරවැසියන් ඒ අපේක්ෂාවෙන් 77දී ඡන්දය දුන්නා. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කළේ ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දී ඉදිරියට ගෙන යන බවයි. ඉන්පසු මහින්ද රාජපක්ෂ 2005දී රට පෙරට ගෙනයාමක් ගැන කීවා. 2010දී කීවේ මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන බවයි. තෙල් පෝලිමේ, ගෑස් පොලිමේ, කිරිපිටි පෝලිමේ මිනිසුන් මිය යනකොට, ඒකනම් ආසියාවේ ආශ්චර්යයක් තමයි. 2015දී ඒවැනි කතා කියලා 2019දී කීවේ මුඩුබිමක් බවට පත්වී තිබෙන රට වැඩ බිමක් බවට පත්කරන බවයි. ඊට නායකත්වය දෙන්න වැඩකරන විරුවා ගෙනාවා. දශක ගණනාවක් තිස්සේ ආර්ථික සංවර්ධනය පිළිබඳව විවිධ මිථ්‍යාවන් ඉදිරිපත් කළා. අවසානයේ ණය ගෙවා ගන්න බැරි භාණ්ඩාගාරයට ආදායම් නොඑන, ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් බිලියන 11,514ක් වියදම් වෙන අයවැයක් ගෙනාවා. නමුත් සමස්ත ආදායම බිලියන 4164යි. ආදායම වගේ තුන්ගුණයකට ආසන්න මුදලක් වැයවෙනවා. බංකොලොත්භාවයේ පතුලටම ගිලා බැස්සවූ රටක් අපි ඉදිරිපිට තිබෙන්නේ. සිංගප්පූරුව, ආසියාවේ ආශ්චර්යය, රට වැඩබිමක් කරන්න කියලා බලයට ඇවිත් බංකොලොත්භාවයේ පතුලටම දමා නැවත නැවත බදු බර පටවමින් තිබෙනවා. ජනතාවගේ ජීවිතයට, ආර්ථිකයට සංවේදී අංශවලට පවා මේ දක්වා වැට් බද්දට ඇතුළත් කර නොතිබූ භාණ්ඩ හා සේවා 97කට අලුතින් වැට් බද්ද ගැහුවා.

මේතරම් දරුවන්ට උගන්වන්න මහන්සි වෙන දෙමාපියන් ලෝකයේ කොහේවත් නැහැ. ස්වභාවික දරු උපතකට ඉඩ නොදී, සිසේරියන් සැත්කම්වලින් දරුවන් බිහිකරන්නේ පවා අධ්‍යාපනය වෙනුවෙන් පාසල්වලට ඇතුළත් කිරීම ගැන හිතමිනුයි. නමුත් ඇතිවී තිබෙන ප්‍රතිඵලය අද වෙනකොට පොත් පැන්සල්, පෑන් සියල්ලටම වැට් බද්ද ගහන නරුම පාලනයක ගොදුරු බවට පත්වී සිටිනවා. මේ තත්වය ඉවසා දරාගත යුතුද? නැත්නම් වෙනස් කළ යුතුද? අධ්‍යාපනය කඩා වැටීම, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයේ විශාලතම පංගුව දරන ගොදුර බවට පත්වී සිටින්නේ ගැහැනියයි. ඒ නිසා මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වේගයෙන්ම ඉදිරියට එන්න ඕනැත් ගැහැනියයි.

මෙහෙම ජීවිතයක් අපි ගත කළ යුතු නැහැ. සැමියා, දරුවා මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වීමෙන් ලොකුම පීඩාව විඳින්නේ ගැහැනියයි. ඒ වගේම සාමාන්‍යයෙන් ගෘහස්ථ හිංසනය අපේ රටේ පවුල්වලින් 19%ක සිදුවෙනවා. කාන්තාවන්ට එළියේදීත්, ගෙදරදීත්, ජීවිතයක් නැති මේ සමාජය වෙනස් වෙන්න ඕනැ නැද්ද? ජීවිතයක් නැති, සතුටක් නැති මේ ජීවිතය වෙනස් කරන්න ඕනෑ. පවුලේ සෑමදෙනාම එකට එකතු වී එක මේසයේ වාඩිවී කෑම වේලක් කන්න නැති මෙහෙම ජීවිතයක් ඕනෑද? අපේ රටේ ගැහැනුන් විශාල ප්‍රමාණයක් ජීවිතය මොකක්ද කියලා දන්නේ නැහැ. ඉපදෙන හැම මිනිසෙක්ම මානසික විවේකයකින් ගත කළ පුරවැසියන් හැටියට මිය යන්න ඕනෑ. අපි ඔබට ආරාධනා කරන්නේ එවැනි ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා තිබෙන එකම වේදිකාව වන ජාතික ජන බලවේගය වටා එක්වන ලෙසයි.

විදේශ රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ දරුවන්ට හොඳින් ඉගැන්වීම, නිවාසයක් හදාගැනීම, සහ වාහනයක් මිලදී ගැනීමයි. ඒ බලාපොරොත්තු කිසිවක් ඉටුනොවී ජීවිත ඛේදවාචක බවට පත්වූ විශාල ප්‍රමාණයක් සිටිනවා. ජීව විද්‍යාත්මකව ගත්තත් අවුරුදු ගණනාවක් ස්වාමියා සහ බිරිඳ වෙන්වී ජීවත්වීමෙන් පවුල් සංස්කෘතිය විනාශ වෙනවා. ලැජ්ජාවට, නින්දාවට, පත්වෙමින් දුක්වින්දා ඇති. අපි සියලුම දෙනා එකතුවී මේ රට යහපත් දිශාවට පරිවර්තනය කරමු. මීට පෙර අපට කීවේ 3%යි, කවදාවත් ආණ්ඩුවක් හදන්න බැහැයි කියලා. දැන් ඕනෑම වේදිකාවකින් ප්‍රහාර එල්ල කරන්නේ ජේ.වී.පී. සහ එන්.පී.පී. එකටයි. අද සතුරාත් මාතෘකාව වෙනස් කරමින් කියන්නේ එන්.පී.පී. එකට ආණ්ඩුවක් ගත්තත් කරන්න බැහැ කියලයි. ජනතාවට අසීමිතව පීඩාවට පත්කරන රනිල් වික්‍රමසිංහගේ සියලුම ක්‍රියාමාර්ගවලට එකඟ වන හර්ෂ ද සිල්වා මෙවැනි විවිධ අවලාද නඟනවා. බැරිවෙලාවත් සජිත්ට ගාල්ලෙන් ඡන්දය දෙනවා නම්, ඉන්නේ චන්දිම වීරක්කොඩි, ශාන් විජයලාල්, පියසේන ගමගේ වගේ මහින්දගේ ආණ්ඩුවේ හිටිය පුද්ගලයින්මයි. ඒ බලය වෙනස් කරන්නේ ජාතික ජන බලවේගයයි. මේ වෙලාවේ රට වෙනස් කිරීමේ තීන්දුව ගන්නේ නැතිනම් මීට වඩා මහා ව්‍යසනකාරී තත්වයකට රට ඇදගෙන යන එක වළක්වන්න බැහැ” ලෙස ඔහු පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan