අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඒ, ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා බව වාර්තා වේ.

TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරයි. මෙහිදී ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාවද තානාපතිවරිය විසින් අවධාරණය කර ඇත.

මෙම හෙලිකොප්ටර් 10 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමෙන්, එහි හෙලිකොප්ටර් බලඝනය ශක්තිමත් කරමින්, නියමු පුහුණුව වර්ධනය කිරීම සහ වඩා කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සිදු කිරීමට මෙය දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...