නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ඇය සඳහන් කළේ.

දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද ඇය ප්‍රකාශ කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිංස්කරණවලට අදාළව 6 ශ්‍රේණිය සඳහා අලුත්වූ විෂය මලාවන්ට අදාළව ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන්ව තිබූ වෙබ් සබැඳියක් මුල් කර ගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත පහර පිට පහර එල්ල කරමින් තිබෙන පසුබිමක ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අගමැතිවරිය මල්වතු, අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැකීමටද ගියාය.

කෙසේවෙතත් රජයේ පාර්ශවයෙන් අවධාරණය කරන්නේ අඩුපාඩු සකස් කරගමින් ඉදිරියට යාමක් මනිස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා නොගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...