ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන අප රටට නව ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කරයි.

දේශගුණික කාලගුණික විපර්යාස සිදුවන මොහොතේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයට වෙනම අමාත්‍යාංශයක් ඇති කර භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ නව ආයතන මේ යටතට පත් කර ශක්තිමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

එසේම නව ව්‍යවසන කළමනාකරණ පනතක් සම්මත විය යුතු බවත් රැකියා විරහිත උපාධිධාරින් 35000ක් පමණ සිටින නිසා මේ ක්ෂේත්‍රවලට අදාළ නිසි පුහුණුවක් මොවුන්ට ලබා දී ඉන්දියාවේ මෙන් හදිසි කාර්ය සාධක බලකායක් පිහිටවිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියි.

මොනෑන්ෂ් විශ්වවිද්‍යාලය 2000ත් 2019 අතර රටවල් 9ක සුළි කුණාටු 217ක් ගැන කළ අධ්‍යයනයක් අනුව මරණ ලක්ෂ 150ක් පමණ සිදුව ඇති බවත් සුළි කුණාටුවලින් සිදුවන මරණවලට වඩා පශ්චාත් සුළි කුණාටු සමයේ සිදුවන මරණ වැඩි බවට අනාවරණය වී ඇති නිසා නව ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...