ලබන වසරේ මහ මැතිවරණයක් !

Date:

ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

2023 වසර අවසන්වීමෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමටද ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවන බවත් මෙම වසරින් පසු ඕනෑම මොහොතක මැතිවරණයක් පැමිණීමේ හැකියාව තිබෙන බැවින් සමගි ජන බලවේගය ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන තිස්ස අත්තනායක මහතා, එම මැතිවරණවලදී ජනතා බලය පෙන්වීමට සූදානම් බවද පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, 2015 දී එම පාඩම රටම හොඳින් ඉගෙන ගත් බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කරනවා. 2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඉගෙන ගත් පාඩම මතක තිබෙන කිසිවෙකුත් යළිත් එවැනි අත්වැරැද්දක් සිදු නොකරනු ඇති බවද ඔහු පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවත් ඒ් සඳහා සියලු දේශපාලන බලවේගවල සහාය ලබා ගැනීම වෙනුවෙන් පක්ෂය මැදිහත්වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසනවා. සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානය සඳහා එක්වීමට ඕනෑම දේශපාලන පක්ෂයකට, දේශපාලන කණ්ඩායමකට හැකි බවද තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශ යුවතියකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...