රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW :
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය ආධාරයක් ලබා දෙන, බලශක්ති අමාත්‍යාංශය යටතේ වන 2026 වසරේ අංක 05 දරන අතිරේක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමත කරන ලදී.
මෙම අරමුදල්, 2026 වසර සඳහා විවිධ අමාත්‍යාංශ වෙත මුලින් වෙන් කර තිබූ නමුත් වසර අවසානය වන විට සම්පූර්ණයෙන්ම භාවිතයට ගැනීමේ ඉඩකඩ අඩු බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදනවලින් නැවත වෙන් කරනු ලැබේ.
මෙම අරමුදල් නැවත වෙන් කිරීම මගින්, 2025 අංක 23 දරන විසර්ජන පනත යටතේ අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් සිදු නොවේ.
මෙම අතිරේක ඇස්තමේන්තුව මහජන මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඊයේ (22) දින සලකා බලා අනුමත කරන ලදී.


