*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රජයේ සේවයට මල් මිටක් හිමිවෙන කථාවක්

රටක් ඉස්සරහට යන්න ඒ රටේ රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වගේම අවංක වෙන්න ඕනෙ කියල එක පැහැදිලියි. ඒවගේම තමා රාජ්‍ය සේවය තමා පවතින ආණ්ඩුව ගැන චරිත සහතිකයක් ජනතාවට ලබාදෙන්නෙ. ගොඩක් වෙලාවට පවතින රාජ්‍ය සේවය දුර්වලනම් අපි බනින්නෙ ඒ අවස්ථාවේ පවතින ආණ්ඩුවට. අපි කොච්චර රජයේ සේවකයන්ට බැන්නත් සමහර ‍රජයේ සේවකයො හොදින් වැඩකරගෙන යනව. මේ එහෙම කථාවක්.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදු ආදායම්වලින් සහ ඉඩම් විකිණීමෙන් ලද ආදායමෙන් රුපියල් කෝටි 75ක මුදලක් ප්‍රථම වතාවට මහා භාණ්ඩාගාරය වෙත ප්‍රදානය කරල තියෙනව කියන පුවතක් මේදවස්වල මාධ්‍ය තුල පලවෙලා තියෙනව. මේව තමා වෙන්න ඕනෙ දේවල්. කොවිඩ් වගේ දරුණු වසංගතයක් පවා තියාගෙන මේ කරපු දේ ගැන අපි හොදටම සතුටු වෙන්න ඕනෙ.මෙන්න ඒ පුවතෙ තියෙන වැඩිදුර විස්තර.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ සඳහන් වස විසෙන් තොර කෘෂි ආර්ථිකයක් සංකල්පයට අදාළව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ද එම කොමිෂන් සභාව රුපියල් මිලියන 350ක් දී ඇත.

මේ වන විට අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථාන 32 කදී කාබනික පොහොර මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කොට ගොවි ජනතාව වෙත මුදා හැර ඇතැයි ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර රටේ පවතින වසංගත තත්ත්වය මත වුව ද තම රාජකාරි ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ක්‍රියාත්මක කරන ලද ‘ඔප්පුව ගෙදරටම‘ ජාතික වැඩසටහන ඉතා කාලෝචිත ලෙස සාර්ථකව කෙරෙන බව ද එම කොමිෂන් සභාව වැඩි දුරටත් පවසයි.

අනිත් ආයතනවල ඉන්න රජයේ සේවකයනුත් මෙහෙම හිතල වැඩ කරනව නම් අපේ රට ගොඩ දාන එක ඒතරම් අමාරු නෑ කියන එක තමා අපේ අදහස. මොන අර්බුද තිබුණත් පහුගිය අවුරුදු දෙක තුල රජයේ සේවකයන්ගෙ වැටුප් සත පහක් අඩු නැතුව ගෙව්ව. 2022 ලබන කොටම රජයේ සේවකයන්ගෙ වැටුපට රුපියල් 5000 දීමනාවකුත් ලබා දෙන්න තරම් ආණ්ඩුව නම්‍යශීලි වෙලා තියෙනව. ගෝලීය අර්බුද හින්ද අපේ රටෙත් ප්‍රශ්ණ ඇතිවෙලා කියන එක අපි වගේම රජයේ සේවකයන් තේරුම් ගන්න ඕනෙ කියල තමා අපි හිතන්නෙ.

ගොඩක් වෙලාවට රජයේ සේවකයන්ට බනින අපි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙ සේවකයන් කොවිඩ් වසංගතය තියාගෙන කරපු මේ වැඩේට හිස නමල ආචාර කරනව. ඒ වගේම මේ ආදර්ශය අනිත් රජයේ සේවකයනුත් ගන්නව නම් අපේ රට දියුණු කරන එක මහ වැඩක් නෙමේ කියල අපි විශ්වාසයෙන් කියනව.

නැවතත් ඒ රජයේ සේවකයන්ට අපේ ප්‍රණාමය

Sponsored Article
යූ. ඩී.
2022 ජනවාරි 9

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan