Friday, March 31, 2023
spot_img

Latest Posts

රූපවාහිනී විකාශනයේ ඩිජිටල් ආගමනය

මුළු මහත් ලෝකයම අද වන විට ඩිජිටල්කරණ සංකල්පය තුළ එල්බ සිටී. යුග ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ලෝකය විශ්ව පවුලක් බවට පත්ව ඇත්තේ ඩිජිටල්කරණ සමාජයක ආගමනයත් සමඟිනි. ඩිජිටල් හෙවත් අතත්‍ය අවකාශයෙන් මිදී ජීවත් වන මිනිසා හුදෙකලා සත්ත්වයකුට සමාන වේ යන කියමන සනාථ වනුයේ ඩිජිටල්කරණය අවශ්‍යතාවය පදනම් කරගනිමිනි.

සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී ඩිජිටල් ක්‍රමය වෙත පරිවර්තනය වන ලෝකය තුළ ශ්‍රී ලංකාව තවමත් යල්පැනගිය තාක්ෂණයන් භාවිතයෙන් හුදෙකලා වාසියෙකු බවට පත්ව ඇත. එබැවින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පෙරළියක් සිදුකළ යුතුය යන යෝජනාව යටතේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව සුපැහැදිලි දසුනින් අනාගතය දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් හට ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය(JICA) ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණයට නිළ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12.20 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

ඒ ඔස්සේ භෞමික රූපවාහිනී විකාශන ක්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කර අංකිත ක්‍රමවේදය දක්වා රැගෙන යාම ශ්‍රී ලාංකික රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ නැවුම් හැරවුම් ලක්ෂයක් සේ වැදගත් වන බව නොඅනුමානය. තවද යල්පැන ගොස් තිබු විකාශන පද්ධති නඩත්තු කිරීම හා ඉහළ යනු ලබන අතිරේක රූපවාහිනි නාලිකා අවශ්‍යතා සපුරාලීමේ අභියෝගය මෙම ඩිජිටලකරණ ව්‍යාපෘතිය මගින් සාර්ථක කර ගැනීමට කටයුතු කරනු ලැබේ. ඩිජිටල්කරණ ලෝකය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස සංවර්ධනය කරා යන ගමනේදී මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්පත් කර දීමට හැකිවනු නොඅනුමානය.

Sponsored Article
ඇත්ත – Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.