මුදල් අච්චු ගැසීම අත්හිටුවයි – බැංකු පොළී අනුපාත ඉහළට

0
2065

මුදල් නෝට්ටු අච්චු ගැසීම තවදුරටත් සිදු නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුදල් අච්චු ගැසීම වෙනුවට වෙළඳපොලෙන් අවශ්‍ය මුදල් රැස් කර ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් ට්‍රිලියන 1.3 ක් අලුතින් මුද්‍රණය කර ඇති අතර බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නේ උද්ධමනය මෙතරම් ඉහළ යාමට හේතුව පාලනයකින් තොරව දිගින් දිගටම මුදල් අච්චු ගැසීම බවයි.

ඉදිරි මාසය තුළදී බැංකු පොළී අනුපාත ඉහළ යාමට නියමිත බවද මහ බැංකු ආරංචි මාර්ග පවසනවා.

රජය පසුගියදා ප්‍රකාශයට පත්කළ සහන පැකේජය සඳහා රුපියල් බිලියන 230 ක් අවශ්‍ය වන අතර ඉන් කොටසක් දේශීය මුදල් වෙළඳපොලෙන් සපයා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here