Wednesday, March 22, 2023
spot_img

Latest Posts

පසුගිය වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව කෝටි 17,000 ක් උපයලා!

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 ක් බව කී කුමාරසිංහ මහතා දැඩි නිලධාරී හිඟයක් තිබියදී මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම වැඩි කරගැනීමට සහ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ප්‍රමිතිය පත්වාගෙන යෑම සඳහා ප්‍රමිති සහතික දීම සහ ලාංඡනයක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.