19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය ලකුණු වැඩියි

Date:

පළමුවරට පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියට ඉන්දියානු සම්භවයක් සහිත ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වය දකින්නට ඇත.ඉන්දීය කණ්ඩායමට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම්වල ද සම්පූර්ණයෙන්ම පාහේ දකින්නට ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩිකාවන්ය.
අවුරුදු 19 න් පහළ කාන්තා තරගාවලියක් වුව ද,සිය රටවල ජාතික කණ්ඩායම් සමඟ එක්ව ක්‍රීඩා කරන ලද ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට එක්ව සිටිම විශේෂත්වයකි.ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන ෂෆාලි වර්මා ඉන්දීය ජාතික කණ්ඩායමේද ආරම්භක පිතිකාරිණිය වන අතර ජාත්‍යන්තර වශයෙන් විස්සයි විස්ස,එක්දින සහ ටෙස්ට් යන ආකෘති තුනේම දක්ෂතා දක්වා ඇති පළපුරුදු ක්‍රීඩිකාවක්ය.ඊට අමතරව එවැනි ජාත්‍යන්තර අත්දැකීම් ඇති තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද ඉන්දියාවට එක්ව සිටින අතර ඒ, රිචා ගෝස් සහ ස්වේතා ශේරාවට් වෙති.
නවසීලන්තය නියෝජනය කරමින් ද ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා අත්දැකීම් ඇති තිදෙනෙක් මෙම සංචිතයට එක් වී ඇත.ෆ්‍රාන් ජෝනාස්,ජෝර්ජියා ප්ලිමර් සහ ඉසබෙල් ගෂේ එම තිදෙනා වෙති.ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය සේ කටයුතු කරන විශ්මි ගුණරත්නය.
ඡායාරූපයේ සිටින්නේ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙන ෂෆාලි වර්මා ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...