19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය ලකුණු වැඩියි

Date:

පළමුවරට පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියට ඉන්දියානු සම්භවයක් සහිත ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වය දකින්නට ඇත.ඉන්දීය කණ්ඩායමට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම්වල ද සම්පූර්ණයෙන්ම පාහේ දකින්නට ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩිකාවන්ය.
අවුරුදු 19 න් පහළ කාන්තා තරගාවලියක් වුව ද,සිය රටවල ජාතික කණ්ඩායම් සමඟ එක්ව ක්‍රීඩා කරන ලද ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට එක්ව සිටිම විශේෂත්වයකි.ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන ෂෆාලි වර්මා ඉන්දීය ජාතික කණ්ඩායමේද ආරම්භක පිතිකාරිණිය වන අතර ජාත්‍යන්තර වශයෙන් විස්සයි විස්ස,එක්දින සහ ටෙස්ට් යන ආකෘති තුනේම දක්ෂතා දක්වා ඇති පළපුරුදු ක්‍රීඩිකාවක්ය.ඊට අමතරව එවැනි ජාත්‍යන්තර අත්දැකීම් ඇති තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද ඉන්දියාවට එක්ව සිටින අතර ඒ, රිචා ගෝස් සහ ස්වේතා ශේරාවට් වෙති.
නවසීලන්තය නියෝජනය කරමින් ද ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා අත්දැකීම් ඇති තිදෙනෙක් මෙම සංචිතයට එක් වී ඇත.ෆ්‍රාන් ජෝනාස්,ජෝර්ජියා ප්ලිමර් සහ ඉසබෙල් ගෂේ එම තිදෙනා වෙති.ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය සේ කටයුතු කරන විශ්මි ගුණරත්නය.
ඡායාරූපයේ සිටින්නේ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙන ෂෆාලි වර්මා ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...