සටහන – රුවන් නෙළුගොල්ල
ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
චීන වරාය, කප්පල්තුරෙයි මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී එක් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.


