සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත ඉන්දියාවට බලපෑම් එල්ල කිරීමට නියමිත දෙවැනි සුළි කුණාටුව වන ‘මුරාසු’ (Murasu) හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, පැයට කිලෝමීටර් 100ත් 110ත් අතර වේගයකින් යුත් සුළං සමඟ මෙම සුළි කුණාටුව සඳුදා(02) රාත්‍රියේ එනම් අද රාත්‍රියේ ඔංගෝල් (Ongole) ආසන්න වෙරළ තීරයට කඩා වැදීමට අපේක්ෂා කෙරේ.
සුළි කුණාටුව හේතුවෙන් ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් සහ අනතුරු අවම කිරීමේ අරමුණින් ජනතාව ඉවත් කිරීම ඇතුළු හදිසි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

