”සමඟිය එජාපයට ගේනවා” – තලතා එජාප මහ ලේකම්ධුරයේ වැඩ භාරගනිමින් සිය වෑයම අතනොහරින බව කියයි!

Date:

කොළඹ LNW:අපේ බලාපොරොත්තුව සියලුදෙනා එකට එකතු කරගෙන රටේ ජනතාවට යහපතක් කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය අද (10) නව තනතුරේ වැඩ භාරගනිමින් පැවසුවාය.

ඒ අනුව සමඟි ජන බලවේගයේ සියලු දෙනාට එක්සත් ජාතික පක්ෂය හා එක්වන ලෙස තමන් ආරාධනා කරන අතර මෙම පාර්ශව දෙක එකතු කිරීමටද තමන් මැදිහත්වන බව අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

තමන් මෙම තීරණයට ආවේ අද ඊයේ නොවන අතර සමඟි ජන බලවේගය හා එක්ව දින 45ක් යනවිට තමන් රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මෙම එකතුවීමට අවශ්‍ය එකඟතාව ලබාගත් බවයි ඇය පැවසුවේ.

එම තත්ත්වය මත තමන්ට නොයෙකුත් දේවල්වලට මුහුණ දීමට සිදුවූ බවද ඇය ප්‍රකාශ කළාය.

”සමඟි ජනබලව්ගය කියන්නේ අමුතු පක්ෂයක් නෙවෙයි එකේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ පක්ෂය හදල තියෙන්නේ. ඔවුන්ට අපි විවෘත ආරාධනයක් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය තහංචි දාලා නැහැ. එහෙම නම් මාව ගන්නෙත් නෑනේ. මම විශ්වාස කරනවා එතුමා නොහිටින්න අපි තාමත් පෝලිම්වල. එතුමා නොහිටින්න අද මේ රට වෙනස් තැනක. මේ ආණ්ඩුවේ දින 100තුළ තාමත් ක්‍රියාත්මක වෙනේ රනිල් වික්‍රමසිංහ හදපු භාණ්ඩාගාරය. ඒ නිසා රටට යහපතක් කරන්න එකතු වෙන්න කියල මම ආරාධනා කරනවා.” යනුවෙන් අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...