ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

Date:

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන ගැටලු ගැන රට පුරාම විවිධ මට්ටම්වලින් සංවාද සිදුවෙනවා.

මේ මාතෘකාවට අදාළව අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් මෑතකදී තමන්ගෙ හිතවතුන් පිරිසක් එක්ක හරි අපූරු කතාවක් කියලා තිබුණා.

ඔහු කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්…,

“මෙච්චර මේ රටේ ජාත්‍යන්තර පාසල්වල ජාත්‍යන්තර විෂයමාලා උගන්වනවා. ලෝකය පිළිගත්ත එඩෙක්සෙල්, කේම්බ්‍රිජ් කරිකියුලම් ලංකාවේ උගන්වනවා නෙ. ඒවා ඉගෙන ගන්න ළමයින්ට රැකියාත් තියෙනවා. ඒ කරිකියුලම් ඉගෙන ගත්තු කිසිම ළමයෙක් විරැකියාවෙන් පෙළෙන්නෙ නැහැ. ඒ අයට ලෝකෙ ඕනෙ තැනක ගිහින් රැකියාවක් කරන්න පුළුවන්.

ඉතින් අපි කරන්න ඕනේ ඒ අදාළ ඉන්ටනැශනල් කරිකියුලම් හදපු ආයතනවලට කතා කරලා, එයාලාගෙ ලයිසන් ෆී එකක් ගෙවලා ඒක අරගෙන පරිවර්තනය කරලා ගන්න එකනෙ. විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව වගේ විෂයයන් ගත්තොත් ආයෙ මොනවද මෙහෙට හරියන්න කියලා වෙනස් වෙන්න තියෙන්නෙ ?

ඒත් එහෙම තියෙද්දී අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අය වෙන වෙන ඒවා කරන්න ගිහින් ඔක්කොම පටළවාගෙන විකාරයක් වෙනවා. මේක හරියට ගෙදර ලයිටරේකුයි ගිනිපෙට්ටියකුයි දෙකක්ම තියෙද්දී ගල් දෙකක් අරන් අතුල්ලලා ගින්දර හොයාගන්න හදනවා වගේ වැඩක්. මෙච්චර මේ ලෝකෙ ලයිටර් ගිනිපෙට්ටි තියෙද්දී මේගොල්ලො ගල්වලට ගගහා ඉන්නවා. කාටවත් තේරුමක් නෑ, වැඩේ කෙරෙන්නෙත් නෑ”

ඇත්තටමත් බලනකොට ඔය සන්තෑසිය නේද වෙලා තියෙන්නෙ ….

~ රංජිත් නිශාන්ත ජයසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...