ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය දැඩි ලෙස අවප්‍රමාණ වීම හේතුවෙන් දෙසැම්බර් මස 28 වන දින ඇරඹි විරෝධතා මෙවන විට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කර දිවංගත ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි හට ආණ්ඩු බලය ලබා දීම දක්වා වර්ධනය වී ඇත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි බලධාරීන් වේගයෙන් වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයක් හමුවේ පසුබට නොවන බවට ප්‍රතිඥා දී ඇති අතර විරෝධතාකරුවන් ‘විනාශකාරීන්’ සහ ‘කඩාකප්පල්කාරීන්’ ලෙස හඳුන්වා විරෝධතා ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනා කර ඇත.

මේ වන විට රට තුළ අන්තර්ජාල තහනමක් පනවා ඇති හෙයින් ඉරානයෙන් ලැබෙන තොරතුරු සීමාසහිත වන අතර විරෝධතා හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තවත් 2,270 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඉරාන අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි පැවසුවේ විරෝධතාකරුවන්ට ඇති ප්‍රතිවිපාක “තීරණාත්මක, උපරිම සහ කිසිදු නීතිමය සහනයක් නොමැතිව” වනු ඇති බව ප්‍රකාශ කර ඇති අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානියේ නායකයින් සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස සහ ඉරානයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසයි ඉරානයට සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...