පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (2026 ජනවාරි 10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණු අතර එය වයඹ දෙසට ගමන් කර අද දින පෙ.ව. 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේදී දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී.

උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. වයඹ පළාතෙත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...