නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW:
//දැනටමත් ධාවන පථය තුළ වලවල් පවතින අතර එය ධාවන තරඟ සඳහා කිසිසේත්ම භාවිතා කරනු නොලැබේ.//
දැන් මේ තත්ත්වය වෙනස් වී ඇත.ඒ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බව ද දැනගන්නට ලැබිණ. සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ ක්‍රීඩා පිටියට පැමිණ එහි සියළු අංශවල සේවකයින් සමඟත්,පුහුණුකරුවන් සමඟත් කළ සාකච්ඡාවකින් පසුව සේවකයින් අද වන විට ක්‍රීඩා පිටිය යථා තත්ත්වයට පත් කර දෙන බවට ප්‍රකාශ කර ඇති අතර ඊයේ රාත්‍රියේ ද ඒ වෙනුවෙන් කැප වී වැඩ කර මේ වන විට (ජනවාරි 10) පිටිය යථා තත්ත්වයට පත්වෙමින් ඇත.එසේම සේවකයින් සිය ශක්තිය සහ කැපවීම ප්‍රදර්ශනය කරමින් එහි ක්‍රීඩාංගණ භාරකාර නිලධාරි මහතෙකුට ලිඛිතව එය ඉටු කරන බවට ලිපියක්ද නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇත.

මෙයින් ද පැහැදිළි වන්නේ අප පළ කර තොරතුරු සහ සුගතදාස අධිකාරිය අමාත්‍යවරයාව සහ අමාත්‍යංශය නොමඟ යවමින් කළ ප්‍රකාශ පදනම්ව මාධ්‍ය අංශය යොමු කළ නිවේදනය වැරදි බවය.මෙවැනි වැරදි තොරතුරු දෙමින් රටේ ජනතාව ඉදිරියේ අමාත්‍යවරයෙකු හෑල්ලුවට ලක් කිරීම එම වරද කළ අයව ඉවත් කිරීමට ප්‍රමාණවත්ය.එසේම එසේ සිඳු කළ බව ඔප්පු වූ පසු නිලධාරීන් ද ලැජ්ජාව ඇති අයනම් ඉල්ලා අස්වීමට සදාචාරයක් තිබිය යුතුය.
තත්ත්වය මෙසේ ක්‍රීඩාවට බාධාවක් නොවන සේ වෙනස් කරගන්නට හැකි වුව ද,මේ සටහන ඉහළින්ම ඇති වචන අයත් වන්නේ 2016 දෙසැම්බර් 28 වන දා තරුණ තටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ලිපියකය.එහෙත් මේ ලිපියේ ක්‍රීඩා තරගයක් සම්බන්ධ ඇතුළත් ඡායාරූපය අදාළ වන්නේ ජනවාරි 8 වන දා සුගතදාස ධාවන පථයේ පැවත්වෙන ක්‍රීඩා උළෙලකට ය.මේ ඡායාරූපය පැහැදිළි කරන්නේ සුගත් නිවැරදි කරන්නටත් ප්‍රථම ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය වැරදි ප්‍රකාශයක් කර ඇති බවට සාක්ෂි නොවේද?

‘කිසිසේත්ම‘ කියන වචනය උළුප්පා පෙන්වමින් නිකුත් කර ඇති නිවේදනය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් නිකුත් කළ බොරුවක් නොවන්නේනම්,එම මාධ්‍ය අංශය බොරු තොරතුරුවලින් දැනුවත් කර ඇත්තේ සුගතදාස අධිකාරියේ පරිපාලනය නොවේද?කෙසේ වුවත් මේ බොරු පුවතක් බවත් ඒ බොරුවට පදනම වූයේ අමාත්‍යවරයාගේ සෘජු අදහසක් ද,නැතිනම් අමාත්‍යවරයාගේ කළිසම එළිමහනේ බුරුල් කර තමන්ගේ රෙදි තද කර ගන්න හදන සුගතදාස නිලධාරීන්ගේ බොරුවක් ද යන්න මාධ්‍ය අංශය විසින් පැහැදිළි කළ යුතුය.
මේ ඡායාරූපයට අදාළ ක්‍රීඩා උළෙලට පසුවත් නැවත සුගතදාස අධිකාරිය ධාවන පථය වසා දැමීමට තීරණය කර තිබිණ.එසේ තීරණය කරමින් නවතා දමන්නට තීරණය කර ඇත්තේ ක්‍රීඩා උළෙලවල් ගණනාවක් අවලංගු කරමින්ය.එහි සරලම අරුත සුගතදාස ධාවන පථය පාපන්දු ක්‍රීඩාවට සුදුසු පරිදි සකස් කිරීමය.මේ අදහස සුගතදාස සභාපතිවරයා මාධ්‍යයට පවසන්නේ බස්නාහිර පළාත් අවුරුදු 19 න් පහළ සහ ප්‍රවින පාපන්දු තරගාවලිය පැවත්වීමෙන් අනතුරුවය.එවිට එම තරගාවලිය සඳහා පිටිය ලබා දී ඇත්තේ පිටිය සුදුසු මට්ටමක නොතිබියදී ද යන්න ප්‍රශ්නකාරී නොවන්නේද?
විශේෂයෙන්ම නිවැරදි නැති පොළවක් විකුණා අවුරුදු 19 න් පහළ වැනි ක්‍රීඩාවේ අනාගතය භාර දක්ෂ ක්‍රීඩකයන්ගේ අනාගත වටිනාකම නොසළකා හැරියේනම් එය ද විශාල වරදක්.

මෙහිදී කෘතිම ධාවන පථයක් එලීමක් වැනි බිමක් පාපන්දු ක්‍රීඩාවට අවශ්‍යය නැත.ඒ නිසාම පාපන්දු ක්‍රීඩාවට සුදුසු භූමියක් කොළඹ අවට සොයා ගැනීම අසීරු නැත.එහෙත් ප්‍රමිතිගත මලල ක්‍රීඩා ධාවන පථය ඇත්තේ සුගතදාසයේ ය.එසේනම් සුගතදාසය ප්‍රමුඛතාවය දිය යුත්තේ මලල ක්‍රීඩාවට ද – පාපන්දු ක්‍රීඩාවට ද යන්න ප්‍රායෝගික අවබෝධයක් සුගතදාස බලධාරීන්ට තිබිය යුතුය.අඩුම තරමේ සුගතදාසය නිවැරදි කිරීම සහ සේවක අයිතීන් වෙනුවෙන් මේ රජය පත්වන තුරු වෙහෙසුණු සහ සටන් කළ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ හෝ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අමාත්‍යවරයා හෝ ඉහළ නිලධාරීන් එකඟ නැත.නිලධාරිවාදයෙන් සහ ඉහළ පුටුවලින් ඒ හඬවල් යටපත් කර මේ වන විට සුගතදාසය තුළම වැඩ කරන සටන් කළ මිනිස්සු අවතැන්ව ඇත.

මේ තත්ත්වය පිළිබඳව අපි මේ වන විට මේ සටහනේ මුලට යෙදූ කිසිසේත්ම ධාවන පථය නුසුදුසු බවට මාධ්‍යයට තොරතුරු වාර්තා කළ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා වට්ස්ඇප් පණිවිඩයක් තැබීමට ක්‍රියා කළෙමු.එය ඉදිරියේ දී ලැබේද නැද්ද යන්න අපි නොදන්නෙමු.ඔහු මේ තාක්ෂණික අර්බූද කිසිවක් ගැන නොදන්නා වෙඩි උණ්ඩය ඉදිරියට එවන පරානයක් මිස වැරදිකරුවෙකු නොවේය.එහෙත් වැරදි සේ අප දකින පාර්ශවයේ පණිවිඩකරුවා ලෙස අපට අදාළ තොරතුරු දැන ගැනීම සඳහා විමසා සිටින්නට හැකි ආසන්නම පුද්ගලයා ඔහුය.
පහතින් දැක්වෙන්නේ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාට තොරතුරු බලාපොරොතුවෙන් ඉදිරිපත් කළ වට්ස්ඇප් සටහනය.
මෙම සංදර්ශනය නොපැවත් වූයේ ඇයි?
සංදර්ශනය සඳහා ඉඩ වෙන් කර ගත් පුද්ගලයා එහි අවශ්‍යය කටයුතු සඳහා නිසි පරිදි ගෙවීම් කර නැති නිසා ද?සුගතදාස ක්‍රීඩාංගණයට ගෙවා ඇද්ද?

එහිදී මේ මාධ්‍ය නිවේදනයේ කිසිසේත්ම ධාවනයට නුසුදුසු බව ඔබ දක්වා ඇත.එය වැරදි තොරතුරකි.අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නොමඟ යවමින් එම වැරදි තොරතුර ලබා දීම අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානියකි.මෙහි පහත දක්වා ඇත්තේ ජනවාරි 8 වන දා එම ධාවන පථයේ පැවත්වෙන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ඡායාරූපයකි.
එහි සේවකයන් ඉදිරි දිනවල ක්‍රීඩාංගණය වෙන් කර ඇති ක්‍රීඩා උළෙලවල් පැවත්වීමට හැකි පරිදි ධාවන පථය කළමනාකරනය දෙන්නට සූදානම්ය.පරිපාලනය එය වළක්වමින් ආයතනයේ ආදායමද නවත්වමින් වැඩ පාපන්දු තරග සඳහා පිටිය මැද තණකොළ ඉන්දවන බවට බොරු කියමින් වැඩ කරන්නේ ඇයි ද යන්න අමාත්‍යවරයා ආණ්ඩුවට සම්බන්ධ වෘත්තිය සමිතිය සමඟ හෝ සාකච්ඡා කර ඇත්ත දැනගන්නේ නැත්තේ ඇයි?
පාපන්දු ක්‍රීඩාවට වඩා සුගතදාසය වැදගත් වන්නේ කොළඹ නගරය ආසන්නයේ මලල ක්‍රීඩාවට විශේෂිත වූ ධාවන පථයක් ඇති එකම තැන එය වන බැවිනි.ඒ ගැන අවධානය යොමු කර අඩුම තරමේ සුගතදාස අධිකාරියට අයත් ආණ්ඩුව ගෙන ඒම සඳහා පෙනී සිටි වෘත්තීය සමිතිවලින්වත් මේ තත්ත්වය ගැන පාලනාධිකාරිය ගැන සාකච්ඡා නොකරන්නේ අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ආයතන ගැන සාකච්ඡා ඉහළ නිලධාරින් සමඟ පමණයි සේවකයන් සමඟ නැත යන්න නිසා ද යන්න පැහැදිළි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
එසේම අවලංගු කිරීමට තීරණය කර ඇති ධාවන පථ දෙක සහිත ඉඩ වෙන් කර ගැනීම් නිසා සුගතදාස අධිකාරියට අය කර ගැනීමට තිබුණු කොපමණ මුදලක් අහිිමි වෙනවාද යන්නත් පැහැදිළි කරන මෙන් ඉල්ලා සිටිමි.
(එම වෙන් කරවා ගැනීම් පිළිබඳ අප අත ඇති ලේඛණයට වඩා පැහැදිළි සහ නිවැරදි තොරතුරු ඇති ලේඛණයක් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයට ලබා ගැනීමට හැකි නිසා අපි එය ඉදිරිපත් නොකරන්නෙමු.)
2026 ජනවාරි 10
………………………………………………………………………………………………………………..
මෙහි ඇති ධාවන ඡායාරූපය කිසිසේත්ම ධාවන පථය ධාවනයට සුදුසු නැති බව කීමෙන් පසු පැවති ශාන්ත බෙන්ඩික්ට් විද්‍යාලයේ නිවාසන්තර ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකට අදාළවය.
සෙසු ඡායාරූප පෙළ සුගතදාස සේවකයින් යුහුසුළුව ක්‍රීඩා පිටිය යථා තත්ත්වයට පත් කරමින් ක්‍රීඩාවට සුදුසු මට්ටමට ගොඩ නඟමින් සිටින ආකාරයය.


