අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ඒ හරහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරිම කටයුතු කරන බව ඔහු පවසන්නේ.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නම සඳහන් වී තිබීමේ සිද්ධියත් සමඟ සමස්ත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියටම විපක්ෂය විසින් විරෝධය දක්වමින් පසුවන අතර ඔවුන් බල කර සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේවෙතත් ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය මට්ටමින් අභ්‍යන්තර විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශනයක් සිදුකරමින් තිබේ.

මේ අතර විපක්ෂය මතුකරන තවත් කාරණයක් වන්නේ මෙය අගමැතිවරියට එරෙහිව ආණ්ඩුව තුළින්ම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...