අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ඒ හරහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරිම කටයුතු කරන බව ඔහු පවසන්නේ.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නම සඳහන් වී තිබීමේ සිද්ධියත් සමඟ සමස්ත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියටම විපක්ෂය විසින් විරෝධය දක්වමින් පසුවන අතර ඔවුන් බල කර සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේවෙතත් ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය මට්ටමින් අභ්‍යන්තර විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශනයක් සිදුකරමින් තිබේ.

මේ අතර විපක්ෂය මතුකරන තවත් කාරණයක් වන්නේ මෙය අගමැතිවරියට එරෙහිව ආණ්ඩුව තුළින්ම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...