“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW :

ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ, දෙහිවල මුහුදු පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නමැති, “සනා මාමා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බවත්, සිද්ධිය සිදුවන අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “චූවා සමන්ත” නමැත්තාගේ සමීපතමයෙකු බවද තොරතුරු හෙළි වී ඇති අතර,පොලීසිය සඳහන් කළේ, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” සහ “චූවා සමන්ත” අතර දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විරසකයක් පැවති බව විමර්ශන වලදී හෙලිවී ඇති බවයි. පොලීසිය සැක පළ කරන්නේ, බඩෝවිට අසංකගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට වන අතර, ඝාතනයට ලක්වූ ඒ.ඩී. සනත් හෙවත් “සනා මාමා” නමැත්තාට මෙයට පෙර කිසිදු ජීවිත තර්ජනයක් ලැබී නොතිබූ බවයි. ඒ අනුව, දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...