2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW :

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර , ඒ අනුව, 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

ඒ අනුව, පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වෙනු ඇත.

විභාග පැවැත්වෙන කාලසටහන පහතින් දක්වා ඇත.

විභාගය,විභාග දිනය, කාලසීමාව

01. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 (GIT),2026.01.11

02. 2025 අ.පො.ස (උ/පෙළ) ඉතිරි විෂයයන් (අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ),2026.01.12 සිට 2026.01.20 දක්වා

03. 2025 වර්ෂයට අදාළ අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.02.17 සිට 2026.02.26 දක්වා

04. 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය,2026.08.09

05. 2026 – අ.පො.ස (උ/පෙළ) විභාගය,2026.08.10 සිට 2026.09.05 දක්වා

06. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 උ/පෙළ පළමු වර පෙනී සිටින සිසුන් සඳහා),2026.10.24

07. 2026 – අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.12.08 සිට 2026.12.17 දක්වා

අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි 12 සිට ආරම්භ වන බවත්, වසර අවසානයේදී 2026 වර්ෂයට අදාළ සාමාන්‍ය‍ය පෙළ විභාගය පවත්වා විභාග කාලසටහන යථා තත්ත්වයට පත් කිරීමටයි පියවර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...