2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW :

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර , ඒ අනුව, 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

ඒ අනුව, පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වෙනු ඇත.

විභාග පැවැත්වෙන කාලසටහන පහතින් දක්වා ඇත.

විභාගය,විභාග දිනය, කාලසීමාව

01. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 (GIT),2026.01.11

02. 2025 අ.පො.ස (උ/පෙළ) ඉතිරි විෂයයන් (අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ),2026.01.12 සිට 2026.01.20 දක්වා

03. 2025 වර්ෂයට අදාළ අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.02.17 සිට 2026.02.26 දක්වා

04. 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය,2026.08.09

05. 2026 – අ.පො.ස (උ/පෙළ) විභාගය,2026.08.10 සිට 2026.09.05 දක්වා

06. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 උ/පෙළ පළමු වර පෙනී සිටින සිසුන් සඳහා),2026.10.24

07. 2026 – අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.12.08 සිට 2026.12.17 දක්වා

අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි 12 සිට ආරම්භ වන බවත්, වසර අවසානයේදී 2026 වර්ෂයට අදාළ සාමාන්‍ය‍ය පෙළ විභාගය පවත්වා විභාග කාලසටහන යථා තත්ත්වයට පත් කිරීමටයි පියවර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...