Friday, March 31, 2023
spot_img

Latest Posts

ටෙනිස් ශූරයා පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්

ලොව අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීම වළක්වාලමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාල නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙසයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමේ අපේක්ෂාවෙන් මෙල්බර්න් නගරයට පැමිණි ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළ අතර ඒ අනුව හැකි ඉක්මනින් රටින් පිටව යන ලෙස නියෝග කර තිබිණි.

ඉන්පසු ජොකොවික්ගේ නීතිඥයන් ඕස්ට්‍රේලියානු රජයේ තීරණයට එරෙහිව වික්ටෝරියා ෆෙඩරල් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබිණි. මෙම අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේදී ජොකොවික්ගේ නීතිඥයන් සහ ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට තීරණය කර තිබුණේ ඔහු ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් සපුරාලීමට අසමත්ව ඇති බව පවසමිනි. කොවිඩ් අවදානම හේතුවෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණක් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවස්ථාව හිමි වන අතර කෙසේ නමුත් ජොකොවික් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා එකක් හෝ ලබාගෙන නොමැත.

ඔහු ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් මෙල්බර්න් නගරයට පැමිණියේ ඕස්ට්‍රේලියානු ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මතයි. කෙසේ නමුත් ඊට අනුමැතිය ලබාදීම ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කළේය.

අවසන් වරට පැවති තරගාවලි තුනේදීම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය හිමි කරගෙන සිටින ජොකොවික්ට එරෙහිව පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් වූයේ නම්, වසර තුනක් යනතෙක් ඔහුට ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට නොහැකි වීමේ අවදානමක් මතුව තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.