ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 :
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලියර්ජෙට් 60 (Learjet 60) වර්ගයට අයත් මෙම යානය ඊයේ(01)දිනයේ දහවල් ෆ්ලොරිඩාවේ පාම් බීච් ප්‍රාන්තයේ ග්‍රීන්ඒකර්ස් ප්‍රදේශයට ආසන්නව අනතුරට ලක්ව ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කළ යානය බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහවුරු කර ඇති අතර යානය කඩා වැටීමත් සමඟ දැවැන්ත පිපිරීමක් සිදුව, ගිනි බෝලයක් සහ කළු දුමාරයක් අහසට නැඟුණු ආකාරය අවට සිටි පුද්ගලයන්ගේ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කර ඇත්තේ යානය මිසයිලයක් පොළොවට කඩා වැටෙන ආකාරයෙන් පැමිණි බවත්, විශාල පිපිරීමක් සමඟ සුන්බුන් විශාල ප්‍රදේශයක විසිරී ගිය බවත්ය.

යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි ජංගම නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 600කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට පෙර ගුවන් නියමුවා අයිස් තැන්පත් වීම සහ දැඩි කැළඹිලි සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳ ගුවන් පාලක මැදිරියට දැනුම් දී තිබූ බව ද වාර්තා වේ.

ඇමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) එක්ව අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...