අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූයේ 2048 වනවිට රට හැදීමට වුවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැන්ම රට හැදීමට පටන් ගෙන ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අපේ ජනාධිපතිතුමාට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා. මේ රට කවදා වෙනකොට හදලා දෙන්නම් කියලාද එයා පොරොන්දු වුණේ ? 2048. 2048 වෙනකොට තමයි රස්සා දෙනවා කිව්වේ, ආර්ථිකය හදනවා කිව්වේ, පඩි වැඩිකරනවා කිව්වේ. මේ 2026. පොහොර සහනාධාරය වැඩිවෙනවා, මහපොළ වැඩිවෙනවා, වකුගඩු ආධාර වැඩිවෙනවා, පොල් වගාව වැඩිවෙනවා, අලුත් රස්සා දෙනවා, පඩි වැඩිවෙනවා. ඒ හින්දා තේරුම් ගන්න එයාලා ඒ කාලෙම කිව්වා මේ රට හදන්න වෙන්නෙ අපි මැරුණාට පස්සෙ කියලා. නමුත් අපි දැන් ඉඳන් පටන් ගත්තා. හැමෝම තේරුම් ගන්න, මේ රට දැන් හැදෙන්න පටන් අරන් තියෙන්නෙ. හැදෙනකොට ඒකට ගොඩක් අය සතුටුයි. හැබැයි හොරාට සතුටු නෑ. හොරා කැමති වෙයිද හොරකම් නවත්වන්න ? ඌ සතුටු නෑ. කුඩු ගේන එකා කැමති වෙයිද කුඩු නවත්වන්න ? ඌ සතුටු නෑ. පාතාලෙ එකා කැමති නෑ. ඒ හින්දා අපිට විරුද්ධවාදීන් ඉන්නවා. ඒ හතුරෝ දැන් ඔක්කෝම එකතුවෙලා – ඔය වැඩි හරියක් ඉන්නෙ විපක්ෂයේනෙ – ආණ්ඩුවට දෝස්මුරයක් දානවා. එයාලාට හිතවත් මාධ්‍ය කීපයක් මේවාට ගහනවා. සමාජ මාධ්‍ය ගහනවා. ඔබ තමුන්නාන්සෙලාට මම කියනවා, ඒවාට අහුවෙන්න එපා. දුර බලන්න. මේ උත්සාහ ගන්නේ ඔබේ දරුවාට රටක් හදන්න. අපි පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවා කිව්වා. තවම අවුරුදු දෙකයි. තාම ආණ්ඩුව ළපටියි. මේ අවුරුදු පහ යනකොට බලන්න, මීට වඩා විශාල වැඩකොටසක් කෙරෙනවා”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (01) බදුල්ල, රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවති පොල් පැළ බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...