කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු අද (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, සැකකාර පොලිස් සැරයන්වරයාව ඊයේ දිනයේදී (01) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු පසුගිය ඔක්තෝබර් 25 වැනි දින දහවල් ප්රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී තිබුණු අතර දින දෙකක් පුරා පොලිස් අත් අඩංගුවේ පසුවූ ඔහු 27 වැනිදා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.


