සිම්බාබ්වේ කෝච් ස’ට කොරෝනා

Date:

අද අළුයම මෙරටට පැමිණි, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මේ වනවිට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලාව නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

සංචාරක කණ්ඩායම මෙරටට පැමිණීමෙන් අනතුරුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර පුහුණුකරු පමණක් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර ගමනාන්ත 05 ක් වෙත ගමන් කිරීමෙන් අනතුරුවයි ඔවුන් මෙරටට පැමිණ තිබෙන්නේ.

තරග තුනකින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය 16 වැනිදා පැවැත්වේ. තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

නිමා වූ LPL තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වුවද මෙම තරගාවලි ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටයි සෞඛ්‍ය බළධාරීන් උපදෙස් ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශරීරයේ බර ප්‍රශ්නයක්ද? මෙන්න බර අඩු කරගැනීමේ රහස්~

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : කෙටි කාලයක් තුළ...

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...