ATM මුදල් කොල්ලයට පොලිස් OIC වරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට !

දකුණු පළාතේ බැංකුවල ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරීමේ සිදුවීමට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයකු සහ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුව ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් අය අතරින් විදේශිකයින් දෙදෙනා බල්ගේරියානු ජාතිකයින් වන අතර එයින් එක් අයකුට කැනඩාවේ පුරවැසිභාවය හිමි බවත් සඳහන්.

අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ය.

විදේශිකයින් දෙදෙනා කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියා පිටිගල, අමුගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...