රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනෙකුට මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දෙන ලදී.

එම සැකකරුවන් අතර වන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයගේ ඇප නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අධිකරණය විසින් ලබාදුන් මුල් ඇප තීරණය බලරහිත කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

අදාළ පෙත්සම අද(30) දින කොළඹ මහාධිකරණය විසින් විමර්ශනය කිරීමට නියමිතව ඇත.

මෙම නීතිමය ක්‍රියාමාර්ගය හරහා සැකකරුවන්ට ලබා දී ඇති නිදහස අභියෝගයට ලක් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...