කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවා අත්හිටුවා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අල්ලා පහරකෑමට ලක්කළ අවුරුදු 41ක පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පොලිස් භාරයට ගත්තද, නිලධාරීන් විසින් ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නැති බව වාර්තා වේ.

පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති අතර, සැකකරුට පහරදී ගැටගැසීමට සම්බන්ධ සිවිල් වැසියන් පස්දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...