පළාත් පාලන මැතිවරණය ගැන එජාපයෙන් නිවේදනයක්

Date:

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්ව ඇතුළු කණ්ඩායම් සමග ආරම්භ කර ඇති සාකච්ඡා තවමත් අවසන්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තම පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරග වදින ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී නිල ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.


එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පැවැත්විනි.

එසේ සාකච්ඡා කල පක්ෂ අතර ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ද වේ. ඉදිරියේදි ද තවත් පක්ෂ හා පාර්ශව කිහිපයක් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු මෙම සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ.

සාකච්ඡා තවම අවසන්ව නැති අතර සියලු සාකච්ඡා අවසානයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරනු ඇත.

මාධ්‍ය ඒකකය

එක්සත් ජාතික පක්ෂය

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...